ඉරාකයේ රාමදී නගරයේ බලය අල්ලාගෙන සිටින IS ඉස්ලාමීය රාජ්ය අන්තවාදීන් තවදුරටත් සිය බලය තහවුරු කරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
එම අන්තවාදීන් නගරයේ නිවසින් නිවසට ගොස් ඉරාක රජයට පක්ෂපාතී අය සොයමින් ඔවුන් අසල වූ ඉයුෆරේට් ගංගාවට වීසි කරන බව ඇසින් දුටුවෝ පවසති.
මේ අතර, ඉරාන සහාය ලැබූ ඉරාක හමුදා නගරය යළි අත්පත් කරගැනීමට සූදානම් වන බවද විදෙස් වාර්තා පවසයි.
ඉස්ලාම් රාජ්ය අන්තවාදීන් පසුගිය ඉරිදා රමාදි නගරය අත්පත් කර ගත් අතර, මෙය බැග්ඩෑඩ් අගනුවරට සමීපව පිහිටා තිබේ.