වර්තමානයේ ලෝකයේ පවතින අපරාද, මනුෂ්‍ය සංහාර හා බෙදිම් දෙස බලන විට තුන්වැනි ලෝක යුද්ධය ටිකෙන් ටික ඇරඹී ඇති බව පාප් වහන්සේ පවසා සිටී.
ඉතාලියේ විශාලතම හමුදා සොහොන වෙත පැමිණි අවස්ථාවේදී පාප්වහන්සේ මෙසේ අදහස් දක්වා තිබේ. මෙම සොහොන් ගැබෙහි 1 වැනි ලෝක යුද්ධයේදී මිය ගිය සොල්දාදුවන්ගේ සිරුරු මිහිදන් කර තිබේ.
'යුද්ධය කියන්නෙ පිස්සුවක්' ඉතාලි සොල්දාදුවන් 100,000ක් පමණ මිහිදන් කර ඇති සොහොනේ සිට පාප් වහන්සේ පැවසීය.
දෙවියන්ගේ නාමයෙන් යුද වැදීමද වත්මන් ෆ්‍රැන්සිස් වහන්සේ හෙළා දකින්නක් බව බී.බී.සී.ය කියයි.