සමාජජාල වෙබ් අඩවි අතර ඉදිරියෙන්ම සිටින ෆේස්බුක් වෙබ් අඩවිය 2014 පළමු වැනි කාර්තුවේදී වාර්තාගත ලාභයක් ලබා තිබෙන්නේ පුරෝකථනයන්ද අභිභවමිනි.
ඒ අනුව, 2014 පළමු වැනි කාර්තුවේදී ඇ.ඩො.මිලියන 642ක ලාභයක් ෆේස්බුක් වෙබ් අඩවිය ලබාගෙන තිබේ.
ඔවුන් පෙන්වාදෙන පරිදි මොබයිල් වෙළෙඳ දැන්වීම්වලින් උපයන ආදායම් නොසිතූ අන්දමින් ඉහළ යෑමේ බලපෑමත් සමග, 2014 ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ ඇ.ඩො.බිලියන 2.5ක ආදායමක් ෆේස්බුක් වෙබ්අඩවිය හිමිකර ගෙන සිටින්නේ 72%ක වර්ධනයක් සමගිනි.
මීට වසරකට පෙර මොබයිල් වෙළෙඳ දැන්වීම්වලින් 30%ක ආදායමක් වාර්තා කළ ෆේස්බුක් වෙබ් අඩවිය මේ වනවිට එය 59% දක්වා දෙගුණයකින් එම ආදායම් වර්ධනය කරගෙන සිටී.