ජපානයේ, ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව පුපුරා නොගිය දෙවැනි ලෝක යුද සමයට අයත් බෝම්බයක් හමුවී තිබේ.
දෙවැනි ලෝක යුද සමයේදී අඩි 3ක් පමණ දිග මෙම බෝම්බය ඇමෙරිකාව විසින් හෙලන ලද බෝම්බයක් බවට විශ්වාස කෙරෙයි.
මෙම බලාගාරය ආශ්‍රිතව රථ ගාලක් සාදමින් සිටි ශ්‍රමිකයන් පිරිසක් වෙත මෙම බෝම්බය හමුවී ඇති බව ජපාන මාධ්‍ය අනාවරණය කරයි.
2011 වසරේ ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනය හා සුනාමි තත්ත්වයෙන් පසුව මෙම න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රතික්‍රියාකාරකයක් බිඳී ගිය අතර, මේ හේතුවෙන් බලාගාරය ආසන්න කිලෝමීටර් කිහිපයක සිටි සියලු ජනතාව ඉවත් කිරීමට බලධාරීන් පියවර ගනු ලැබීය.
වර්ෂ 1986 දී ඇති වූ චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාර අනතුරට පසුව ඉතිහාසයේ සිදුවූ දරුණුතම න්‍යෂ්ටික බලාගාර අනතුර ලෙස ටෝකියෝ ඉලෙක්ට්‍රික් පවර් සමාගමේ අනතුර සැලකෙයි.
කෙසේ වෙතත්, ජපානය ආශ්‍රිතව දෙවැනි ලෝක යුද සමයේ පුපුරා නොගිය බෝම්බ හමුවීම එතරම් දුර්ලභ සිදුවීමක් නොවන බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.