ඉරාකයේ, ෆලූජා නගරයේ IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත බල කඳවුරක බලය තහවුරු කරගැනීමට හැකි වූ බව ඉරාක හමුදාව පවසයි.
ත්රස්තවාදයට එරෙහි සටනේ නිරත හමුදා කණ්ඩයන්ගේ මෙහෙයුම් අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් අබ්දුල්-වහාඩ් අල්-සාදි පවසා සිටියේ ඉස්ලාම් රාජ්ය ත්රස්තයන්ගේ පාලනයේ පවතින මෙම කලාපයේ අවසන් බලකඳවුර වෙත වයඹදිග ගෝලාන් කලාපයෙන් සිය හමුදා ඇතුළු වූ බවයි.
ඒ අනුව, මේ වනවිට ෆලූජා නගරයේ සම්පූර්ණ බලය නතුකර ගැනීමට හැකි වූ බව ඔහු අවධාරණය කරයි.
2014 ජනවාරි මාසයේදී ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් ෆලූජා නගරයේ බලය අත්පත් කරගත්තේය.
කෙසේ වෙතත්, ෆලූජා අත්පත් කරගැනීමේ සටනේදී ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් 1,800ක් පමණ මරා දැමීමට තම හමුදාවන්ට හැකි වූ බවද ලුතිනන් ජෙනරාල්වරයා අවධාරණය කරයි..