පාකිස්තානයේ පාසල් නොවන දරුවන් හැත්තෑ ලක්ෂයක් සිටින බවත්, එය සම්පූර්ණයෙන්ම ඇදහිය නොහැකි තත්ත්වයක් බවත් පවසන බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත ගෝඩ්න් බ්‍රවුන් පවසා සිටින්නේ, එරට ‘ළමා විවාහවලින් තොර කලාප’ පිහිටවිය යුතු බවය.
ගැහැණු දරුවෙකු බලහත්කාරයෙන් විවාහයක් වෙත ඇද දැමීම වත්මන් ලෝකය පිළිනොගන්නා කරුණක් බවද එක්සත් ජාතීන්ගේ ලෝක අධ්‍යාපනය සඳහා විශේෂ නියෝජිත ගෝඩන් බ්‍රවුන් පාකිස්තානයේ සංචාරයක නිරත වෙමින් පැවසීය
ඔහු පෙන්වා දෙන්නේ මේ තුළින් ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය මෙන්ම ළමා කාලයද ඔවුනට අහිමි වන බවය.
කෙසේ වෙතත්, එරට දරුවන් අධ්‍යාපනයට නැඹුරුකර වීමට එක්සත් ජාතීන් ඇ.ඩො.මිලියන 10ක් සහ යුරෝපා සංගමය යුරෝ මිලියන 100ක් ලබාදීමට සූදානම් බවද හෙතෙම මෙම සංචාරයේදී පවසා සිටියේය.