අන්තර්ජාතික වශයෙන් ළමා අසැබි වීඩියෝ රැගත් අන්තර්ජාල කවයක් ඉවත් කිරීමට හැකිවූ බවත්, එය මෙවැනි මෙහෙයුමකින් හඳුනාගත් විශාලතම අන්තර්ජාල කවයක් බවත් ඇමෙරිකානු බලධාරීහු පවසති.
ඔවුන් පෙන්වා දෙන පරිදි මේ සඳහා පුද්ගලයන් 14 දෙනෙකු සම්බන්ධ වී ඇති අතර, ඔවුන් රහසිගතව සාමාජිකයන්ට පමණක් ඇතුළු විය හැකි පරදි මෙම ළමා අසැබි වීඩියෝ කවය අන්තර්ජාලය තුළ පවත්වාගෙන ගොස් ඇත.
ඒ අනුව, මෙම වෙබ් අඩවිය ඔස්සේ ළමයින් 250ක් පමණ හඳුනාගෙන ඇති බවත්, ඉන් වැඩි පිරිසක් ඇමෙරිකානු දරුවන් බවත් කියැවෙයි.
එමෙන්ම, මෙම වෙබ් අඩිවිය වෙත ඒ වනවිටත් 27,000 කට අධික දායකත්වයක් පැවතී ඇති අතර, ඔවුන් සැමට එරෙහිව වෙන වෙනම නීතිය ක්‍රියාත්මක කරන බවද ඇමෙරිකානු බලධාරීහු පවසති.
මෙහි සිටි ළමයින්ගේ වයස් සීමාවන් අවුරුදු 3 සිට 17 දක්වා වන බවත්, ඇමෙරිකානු දරුවන්ට අමතරව බ්‍රිතාන්‍ය, කැනඩා, නවසීලන්ත, ඔස්ට්‍රේලියා සහ බෙල්ජියම් දරුවන්ද ඒ අතර වූ බව පැවසෙයි.
අන්තර්ජාල ව්‍යාප්තියත් සමග ළමයින් යොදාගත් අසැබි වෙබ් අඩවි වේගයෙන් ව්‍යාප්ත වීමද පාලනය කළ නොහැකි තත්ත්වයක් වී ඇති අතර, ඒ සඳහා ලොව බොහෝ රටවල් දැඩි උත්සාහයක යෙදී සිටින බවද කියැවෙයි.