ළමා අපචාර සිදුවීමක් වසන් කිරීමට කටයුතු කළ බවට චෝදනා ලබා අධිකරණයේ වැරදිකරු බවට පත්වූ ඔස්ට්‍රේලියානු නායක බිෂොප්වරයා තනතුරින් පහකර තිබේ.
දකුණු ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි නායක බිෂොප්වරයා ලෙස කටයුතු කරන ෆිලිප් විල්සන් මෙසේ අධිකරණයේ වැරදිකරු බවට පත්වූයේ වර්ෂ 1970 දී සිදුවූ ළමා අපචාර සිදුවීමක් පල්ලියේ ගෞරවය වෙනුවෙන් වසන් කිරීමට යෑම නිසා බව විදෙස් වාර්තා පවසයි.
මෙවැනි දඬුවමකට ප්‍රථම වරට ලක්වූ ලොව ජ්‍යෙෂ්ඨතම කතෝලික ආගමික නායකයා බවටද මෙම සිදුවීමත් සමග ඔහු පත්වනු ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් උපරිම වසර දෙකක සිරදඬුවමක් ඔහු වෙත පැවරෙනු ඇති බවද කියැවෙයි.