හොංකොං උමං දුම්රිය පද්ධතියේ දුම්රියක් වෙත පෙට්රල් බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම හේතුවෙන් ඇති වූ ගින්නකින් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙය ගිනි තැබීමක් ලෙස පොලීසිය පවසන අතර, මෙම අවස්ථාවේදී දුම්රිය අද්මිරාල්ටි සිට සායිම් ෂා සුයි දුම්රිය ස්ථානය වෙත ගමන් කරමින් තිබූ බව විදෙස් වාර්තා පවසයි.
කාර්ය බහුල වේලාවේදී විශාල මගීන් පිරිසක් දුම්රියේ ගමන් කරමින් සිට ඇති අතර, පුද්ගලයෙකුගේ ශරීරයට ගිනි ඇවිලී ඇති ආකාරයත්, තවත් පිරිසක් එම ගින්න නිවීමට උත්සාහ කරන ආකාරයත් සමාජ ජාල හරහා දක්නට ලැබුණි.
උමං දුම්රිය පද්ධතියේ කාර්ය මණ්ඩලය විසින් වහාම ගින්න මැඬපැවැත්වීමට සමත්ව ඇති අතර, පසුව තුවාල ලැබූවන් ළඟම පිහිටි රෝහල් වෙත යොමුකර තිබේ.
කෙසේ වෙතත්, මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා නොවන අතර, අතිශය ආරක්ෂිත දුම්රිය සේවයක් ලෙස සැලකෙන හොංකොං උමං දුම්රිය පද්ධතිය තුළ මෙවැනි සිදුවීම් දුලභය.