දූෂිත නිලධාරීන්ව හෙලිකොප්ටරයෙන් පිටතට වීසි කරන බවත්, එවැනි පුද්ගලයන්ට මීට පෙර ඒ ආකාරයේ දඬුවම්වලට යටත්ව ඇති බවත් පිලිපීන ජනපති ඩුටාර්ටේ රොඩ්රිගෝ පවසයි.
"ඔබ දූෂිත නම්, මා ඔබව හෙලිකොප්ටරයක නංවාගෙන ගොස් ඉන් එළියට වීසි කරනවා." යැයි පිලිපීනයේ පවතින මතට හා දූෂණයට තිත තැබීමේ අරමුණින් අතිශය දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන නව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
එමෙන්ම, තමා දවාඕ නගරයේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් තිදෙනෙකු තමා අතින්ම වෙඩි තබා මරා දැමූ බවද මීට පෙර පවසා තිබුණි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය ඔහුගේ ප්‍රකාශකයෙකු විසින් ප්‍රතික්ෂේප කර තිබියදීද්, ඩුටාර්ටේ එය තහවුරු කරන්නට විය.
