ඇමෙරිකාවේ ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ෂෝන් ස්පයිසර් පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග ඒ වෙනුවෙන් තවමත් අයෙකු පත්කර නොමැති බව විදෙස් වාර්තා පවසයි.
ධවල මන්දිරයේ සන්නිවේදන අංශයේ අධ්යක්ෂවරයා ලෙස ඇන්තනී ස්කාරමූචි පත්කිරීමට විරෝධය පළ කරමින් ස්පයිසර් සිය ධුරයෙන් ඉල්ලා අස්ව ඇති බව මධ්‍ය වාර්තාවල දැක්වුණි.
ජනපති ට්‍රම්ප් විසින් සිදුකර ඇති මෙම සීරුමාරුව ස්පයිසර්ගේ විවේචනයට ලක්ව ඇති අතර, ඔහු බලාපොරොත්තු නොවූ පුද්ගලයෙකු එම ධුරයට පත්වීම මෙම මතභේදයට තුඩුදී ඇති බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත්, පසුගිය කාලය පුරාවට ස්පයිසර් විසින්ද වරින් වර මතභේදයට තුඩුදුන් ප්‍රකාශ සිදුකිරීම තුළ ඔහුගේ ඉවත්වීම අඬන්න සිටි මිනිහාට ඇඟිල්ලෙන් ඇනීමක් වැනි සිදුවීමක් යැයිද මාධ්‍ය පවසයි. එනම්, ඔහුගේ ඉවත්වීම ට්‍රම්ප් බලාපොරොත්තුවෙන් සිටි දෙයක් ඉටුවීමක් වැනිය.
ස්පයිසර් ඉවත්වීමත් සමග හිස් වූ ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ධුරයට මෙතෙක් කිසිවෙකුත් පත්කර නොමැත.
.jpg)
.jpg)