පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ආශ්රිතව සිදුවූ හිම කඳු කඩා වැටීමක් නිසා පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එහිදී, ඇෆ්ගනිස්ථානයේ පමණක් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, කාබුල් අගනුවරට උතුරින් සිදුවූ හිම කඳු කඩා වැටීමකින්ද තවත් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර, උතුරුදිග පාකිස්තානයේ හිම කඳු කඩා වැටීම නිසා පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් 09 දෙනෙකු චිත්රාල් නගරයේ වැසියන් බවද සඳහන් වේ.
මෙම නගරයේ නිවාස රැසක් හිමවලින් වැසී ඇති බවත්, තවත් පිරිස් නිවෙස්වල සිරවී සිටිනු ඇති බවත් විශ්වාස කෙරෙයි.
ඇෆ්ගනිස්ථානයේ හිම කඳු කඩා වැටීමෙන් ප්රබල බලපෑමක් සිදුව ඇත්තේ ඊසානදිග පළාතේ බඩාක්ෂාන්, නන්ගහාර් සහ පර්වාන් යන නගරයන් ය.
මේ අතර, කාබුල් නගරයේ ප්රධාන ගුවන් තොටුපොළද අධික හිම පතනය හේතුවෙන් වසා දමා ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.
