ඇඩොල්ෆ් හිට්ලර්ගේ අනුරුවක් සමග සෙල්ෆී ඡායාරූප ගැනීමට ලබාදී තිබූ අවස්ථාව ඉන්දුනීසියානු කෞතුකාගාරයක් විසින් ඉවත් කර තිබේ.
නාසි නායකයා සමග විවිධ සෙල්ෆි ඡායාරූප ලබාගනිමින් සමාජජාල තුළ ඡායාරූප විශාල ප්‍රමාණයක් හුවමාරු වීමත් සමග ඇති වූ විරෝධයක් මෙම තීරණයට හේතු වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම, හිට්ලර්ගේ වදකාගාරය ලෙස සැලකෙන අව්ෂ්විට්ස් හි රූපයක් පසුබිම් වන ආකාරයෙන් මෙම අනුරුව කෞතුකාගාරය තුළ තැන්පත් කර තිබූ බව කියැවෙයි.
ජාවා දූපත් හි ජොග්ජකාර්ටා නුවර ආර්කා මූර්ති කලා කෞතුකාගාරය තුළ තැන්පත් කර තිබූ මෙම හිට්ලර් රුව සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගෙන් විරෝධයක් එල්ල වී තිබේ.
මේ අතර, එම කෞතුකාගාරයේ ප්‍රකාශකයෙකු පවසා තිබුණේ කිසිවෙකුගේ සාහසික ක්‍රියාවක් වෙත ජනතාව ආකර්ෂණය කරගැනීමට ඔවුන් බලාපොරොත්තු නොවූ බවයි.