බ්‍රසීලයේ හිටපු ජනපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වාගේ බිරිඳ වන හිටපු ජනපති ආර්යා මරීසා ලෙටීෂියා ජීවිතක්ෂයට පත්ව තිබේ.
66 හැවිරිදි වියේ පසුවූ හිටපු ජනපතිනියගේ මොළය මිය ගොස් ඇති බව මුලින් සඳහන් වුවත්, හිටපු ජනපති ලූලා ද සිල්වා සිය බිරිඳගේ අභාවය සිකුරාදා රාත්‍රියේ සිදුවූ බව මේ වනවිට සනාථ කර තිබේ.
ඒ අනුව, ඇගේ අවමංගල්‍ය කටයුතු සෙනසුරාදා සාඕ පෝලෝ නුවරදී පැවැත්වෙනු ඇති බවත්, ආදාහන කටයුතු ඉන් අනතුරුව සිදුවනු ඇති බවත් විදෙස් වාර්තා පවසයි.
මොළයේ සිදුවූ ලේ ගැලීමක් හේතුවෙන් ඇය පසුගිය සතියේදී රෝහල්ගත කර තිබූ අතර, වෛද්‍යවරු පවසා තිබුණේ ඇගේ ජීවිතය බේරාගැනීම පහසු නොවනු ඇති බවයි.
මේ අතර, හිටපු ජනපතිනියගේ සිරුරේ බොහෝ අවයව දන්දුන් බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.