ප්‍රංශ මැතිවරණ ව්‍යාපාරය තුළ මූල්‍ය අවභාවිතයක් සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපතිවරයෙකු වූ නිකොලාස් සාකෝසිට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනුවී තිබේ.
2012 මැතිවරණ ව්‍යාපාරයේදී යූරෝ මිලියන 18ක මුදලක් මැතිවරණ ව්‍යාපාරයේ ගිණුම්වලින් සඟවා ඇති බවට හිටපු ජනාධිපතිවරයා අධිකරණය හමුවට පැමිණවීමට එරට විනිසුරුවරයෙකු කටයුතු කර ඇත.
කෙසේ වෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු ජනාධිපතිවරයා තමා එවැනි මුදල් අවභාවිතයක් පිළිබඳ නොදන්නා බවත්, මෙම අධිකරණ නියෝගයට එරෙහිව නැගී සිටින බවත් සඳහන් කර තිබේ.
2012 මැතිවරණ ව්‍යාපාරයෙන් හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්වූ අතර, මෙවර මැතිවරණ ව්‍යාපාරය සඳහා තරග කිරීමේ අවස්ථාවද අහිමි කරගත්තේය.
හිටපු ජනාධිපතිවරයා පිළිබඳ මෙම සිදුවීම Bygmalion මූල්‍ය වංචාව ලෙස ප්රකටව පවතී.