ඊශ්‍රායලයේ හිටපු අගමැති ඒරියෙල් ෂැරෝන් මහතා අවුරුදු 85 ක් ආයු වළඳා අද (11දා) අභාවප්‍රාප්ත විය.
ආඝාත තත්ත්වයක් හේතුවෙන් වසර අටකට අධික කාලයක් කෝමා තත්වයකින් පසුවූ හිටපු අගමැතිවරයා හදිසි හෘදයාබාධයකින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් හි ෂේබා රෝහලේදී අද සවස් කාලයේ අවසන් හුස්ම හෙලූ බව වාර්තා වෙයි.
ඊශ්‍රායල් හමුදාවේ මෙන්ම, එරට දේශපාලනයේද පතාක යෝධයෙකු වූ හිටපු අගමැතිවරයා ශ්‍රේෂ්ඨ රණ ශූරයෙකු බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා පවසයි.
නමුත් පලස්තීන ජ්‍යෙෂ්ඨයන් පවසන්නේ ෂෙරෝන් යනු යුද්ධය හා ආක්‍රමණය පමණක් තුරුළු කරගත් මිනිසෙකු බවය. ඔහුට පලස්තීනය සමග කිසිදා හොඳ මතකයක් නොතිබුණු බව ඔවුන්ගේ මතයයි.