ඉන්දියාවේ හිටපු අමාත්‍ය ෂෂි තරූරුගේ බිරිඳගේ මරණය මිනී මැරුමක් බව එම මරණයෙන් වසරකට පසු දිල්ලි පොලීසිය පවසයි.
සුනන්දා පුෂ්කාර්ගේ මරණය ස්වභාවික මරණයක් නොවන බවත්, එය විෂ ශරීරගත කරවීමකින් සිදුකර ඇති බවත් දිල්ලි පොලිස් ප්‍රධානී බී.එස්. බාසී පවසයි.
මුලින් වෛද්‍යවරු පවසා සිටියේ ඇය ඖෂධ අධි මාත්‍රාවක් ගැනීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
හිටපු කොංග්රස් මන්ත්‍රීවරයෙකු වූ තරූර් 2010 වසරේදී ව්‍යාපාරික කාන්තාවක් වූ සුනන්දා සමග විවාහ විය.
මීට වසරකට පමණ පෙර හෝටල් කාමරයක මියගොස් සිටියදී ඇගේ මළ සිරුරු පොලීසිය විසින් සොයාගන්නා ලදී.