බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය අතර රාජකීය විවාහ මංගල උත්සවයට ඇගේ පියා වන තෝමස් මර්කල් සහභාගී නොවන බව මේගන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ලබන සෙනසුරාදා (19දා) පැවැත්වෙන මෙම රාජකීය විවාහ මංගල්‍යයට පෙර දිනයේදී තෝමස් හදවත් සැත්කමකට භාජනය වීම ඊට හේතුව බව කියයි.
එම නිවේදනයෙන් ඇය පවසන්නේ තමන් සෑමවිටම පියාගේ සුවදුක් විමසා බැලූ බවයි. එබැවින් මේ අවස්ථාවේදී ඔහුගේ සෞඛ්‍ය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමට ඔහුට අවස්ථාව ලබාදෙන බව ඇය කියයි.
එමෙන්ම, මේ අවස්ථාවේදී ඔවුන් දෙපළට සහාය දක්වමින් සුබපැතුම් පත් එවූ සැමට ස්තූති කිරීමටද එය අවස්ථාවක් කරගෙන ඇති මේගන්, එලැඹෙන සෙනසුරාදා සියලු දෙනා සමග ඒ සුවිශේෂී දිනයේ සතුට බෙදාගැනීමට හැරී සහ තමන් බලා සිටින බවද ඇය සඳහන් කර ඇත.