හවානා ගුවන් අනතුරින් ඉවැන්ජලිකල් පූජකවරු 10ක් හා බිරින්ඳෑවරු මරුදකී
පුද්ගලයන් 110කට මරු කැඳවමින් පසුගියදා කියුබාවේ, හවානා ගුවන් තොටුපොළ ආසන්නයේදී කඩා වැටුණු ගුවන් යානයේ ගමන් කළ ඉවැන්ජලිකල් ප්‍රොතෙස්තන්ත්‍ර පූජකවරු 10ක් සහ ඔවුන්ගේ බිරින්ඳෑවරුද මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙම අනතුරින් මියගිය පුද්ගලයන් 99 දෙනෙකු කියුබානු ජාතිකයන් වන අතර, මියගිය කාර්ය මණ්ඩලයේ 6දෙනා මෙක්සිකානු ජාතිකයන්ය. එමෙන්ම, එක් මෙක්සිකානු සංචාරකයෙකු, ආර්ජන්ටිනාවේ යුවළක් සහ බටහිර සහරා ප්‍රදේශයෙන් පැමිණි මගීන් දෙදෙනෙකුද මියගිය අය අතර වන බව බී.බී.සී. වාර්තා පෙන්වා දෙයි.
මෙක්සිකානු සමාගමක හිමිකාරීත්වය දරණ මෙම ගුවන් යානයේ පූර්ව දෝෂ පිළිබඳ චෝදනා රැසක් පැවති බව හිටපු ගුවන් නියමුවන් දෙදෙනෙකු අනාවරණය කර තිබේ.
ඩමෝජ් ගුවන් සමාගමෙන් කුලී පදනම මත ලබාගෙන ඇති මෙම යානයේ රේඩාර් පද්ධතිය මීට වසර අටකට පෙර බිඳ වැටුණු බවත්, මෙහි නඩත්තු කටයුතු අතිශය දුර්වල තත්ත්වයක පැවතුණු බවත් ඔවුහු පවසති.
කෙසේ වෙතත්, මෙම යානය අයත් මෙක්සිකානු ගුවන් සමාගමේ බලධාරීන් පවසන්නේ ඔවුන් යානයේ නඩත්තු කටයුතු මෙන්ම, එහි ආරක්ෂාව සම්බන්ධ විගණනයන් නිසි පරිදි සිදුකළ බවයි.
මෙම අනතුරින් කාන්තාවන් තිදෙනෙකු පමණක් දිවි බේරාගත්තත් ඔවුන් දැඩි පිළිස්සුම් තුවාල සහිතව අසාධ්‍ය තත්ත්වයේ පසුවෙයි.
මෙය දශක තුනක ඉතිහාසයේ කියුබාවේ සිදුවූ දරුණුතම ගුවන් අනතුර ලෙසද ඉතිහාසගත වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.



