හරිත ආර්ථිකයක්, හරිත යුගයක් ගැන කතා කරන අවධියේ වඩාත් කතාබහට ලක්වන නිර්මාණ කිහිපයක් එළිදැක්වීමට විද්යුත් මෝටර් රථ නිෂ්පාදනයේ ප්රමුඛ සමාගමක් වන ටෙස්ලා සමාගම කටයුතු කර තිබේ.
ඒ ටෙස්ලා සන්නාමය යටතේ පැමිණෙන ප්රථම විද්යුත් ට්රක් රථය ප්රථම වරට හඳුන්වා දෙමිනි.
ටෙක්ලා සෙමි හෝ සෙමි ට්රෙලර් ට්රක් යනුවෙන් හඳුන්වන මෙම ට්රක් රථයෙහි විශේෂත්වය නම් එය එක්වරක් ආරෝපණය කිරීමෙන් කි.මී.500ක ධාවන දුරක් ලබාදීමය.
මෙය සැබවින්ම අනාගතයේ ඩීසල් ට්රක් රථ සඳහා වන අභියෝගයක් බව වෙළෙඳ පොළ විශ්ලේෂකයෝ පවසති.
සිය නිෂ්පාදනයේ හඳුන්වාදීම පසුගියදා සිදුකළත්, මෙය පාරිභෝගිකයාට මිලදී ගත හැකි නිෂ්පාදනයක් ලෙස යොමුකිරීම 2019 වසරේ සිට සිදුවනු ඇති බව සඳහන් වෙයි.
ඉන් නොනැවතී එක් වරක් ආරෝපණයෙන් කි.මී.1000ක දුරක් ධාවනය කළ හැකි සුපිරි අධිවේගී මෝටර් රථයක්ද ටෙස්ලා නාමයෙන් හඳුන්වාදීම එදින සිදුවිය.
තත්ත්පර 4.2ක් වැනි කාලයක් තුළ පැයට කිලෝමීටර් 100ක වේගයට ළඟාවිය හැකි මෙම රථය ඉදිරියේදී ඉන්ධන භාවිතයෙන් ධාවනය කෙරෙන රථ ලබන දැවැන්ත පරාජයක් වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.
එමෙන්ම, ටෙස්ලා ට්රක් රථයකද තත්ත්පර 20ක කාලයක් තුළ පැයට කිලෝමීටර් 60ක වේගයක් කරා ළඟාවිය හැකි ලෙස නිෂ්පාදනය කර ඇති අතර, එහි රාත්තල් 80,000ක බරක් පටවාගෙන යාමට හැකිවීමද විශේෂත්වයක් වෙයි.