මූලෝපාය වශයෙන් අතිශය වැදගත් හදිතා වේල්ල ආසන්නයේ සිටින ISIS ඉස්ලාමීය අන්තවාදීන් සම්පූර්ණයෙන්ම පාහේ ඒ ආසන්නයෙන් ඉවත් කිරීමට හැකිවූ බව වාර්තා වෙයි.
ඇමෙරිකානු ගුවන් ප්රහාර දිගින් දිගටම එල්ලවීම තුළ ඉස්ලාමීය අන්තවාදීන් පසුබැස ඇති බවත්, ඔවුන් වැඩිපිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වෙයි.
ජිහාඩ් අන්තවාදින් මෙම වේල්ලේ බලය අල්ලාගැනීම සඳහා කිහිප අවස්ථාවකදීම උත්සාහ කළේය.
බටහිර අන්බාර් පළාතේ ඉයුෆරේට්ස් ගංගාව ආශ්රිතව ඉදිව ඇති මෙම වේල්ල එරට විදුලිබල හා ජල සැපයුමේ විශාල ධාරිතාවයක් දරණ වේල්ලක් බවද කියැවෙයි.
ඒ අනුව, මෙම වේල්ල බේරාගැනීම වෙනුවෙන් උතුරුදිග ඉරාකයෙන් පිටත ඇමෙරිකාව සිය ප්රථම ප්රහාරය එල්ල කළ අවස්ථාව මෙය බවද විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.