සෞදි අරාබියේ සිට ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා පැමිණෙන සෞදි අරාබියානු ගුවන් සේවයට අයත් යානාවල මගී කුටියේ ලැප්ටොප් රැගෙනයාමේ තහනම ලිහිල් කර තිබේ.
සෞදි බලධාරීන් පවසන්නේ ඇමෙරිකානු අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිසි ආවේක්ෂණයට ලක්වන ගුවන් තොටුපොළවල සිට පැමිණෙන යානාවලදී මෙම තහනම ලිහිල් කෙරෙනු ඇති බවයි.
රියාද් නුවර ඛාලීන් රාජකීය ගුව්න තොටුපොළ ඒ ආකාරයෙන් තහනම ලිහිල් කරනු ලැබූ ගුවන් තොටුපොළ 10න් එකකි.
පසුගිය මාර්තු මාසයේදී ඇමෙරිකාව විසින් බහුතර මුස්ලිම් වැසියන් ජීවත්වන රාජ්‍යයන් 10ක සිට පැමිණෙන ගුවන් යානාවල මගීන් සමග ලැප්ටොප් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ රැගෙන ඒම තහනම් කරනු ලැබීය.
කෙසේ වෙතත්, නව ආරක්ෂණ වැඩපිළිවෙළ පවතින සෞදි ගුවන් තොටුපොළ ඇමෙරිකානු බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වීමෙන් පසුව මෙම තහනම ලිහිල් කිරීම සිදුව තිබේ.