සෞදි අරාබියේ පිහිටවූ නවතම දූෂණ විරෝධී කමිටුවක් විසින් එරට රජ කුමාරවරුන් 11ක්, වත්මන් අමාත්‍යවරුන් 4ක් සහ හිටපු අමාත්‍යවරුන් විශාල පිරිසක් රැඳවුම් භාරයට ගෙන තිබේ.
රාජ නියෝගයකට අනුව ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ නායකත්වයෙන් යුතුව මෙම කමිටුව පිහිටුවා පැය කිහිපයක් ගතවන්නට මත්තෙන් මෙම පිරිස රැඳවුම් භාරයට ගෙන තිබේ.
කෙසේ වෙතත්, මෙසේ රැඳවුම් භාරයට ගත් පිරිස නම් වශයෙන් හෙළි කිරීමට සෞදිය කටයුතු කර නැත.
සෞදියේ සිදුවන ප්‍රතිසංස්කණ ක්‍රියාවලිය තුළ ඔටුන්න හිමි කුමරු සිය බලය තවදුරටත් තහවුරු කරගැනීමේ ක්‍රියාවලියක නිරතවීමක් ලෙසද දේශපාලන විචාරකයෝ මෙය හඳුන්වනු ලබති.
එමෙන්ම, මෙසේ රැඳවුම්භාරයට ගත් පිරිස කවර චෝදනා යටතේ රැඳවුම් භාරයට ගත්තේ දැයි යන්නද ප්‍රසිද්ධියට පත්කර නොමැත.
කෙසේ වෙතත්, මෙම නවතම දූෂණ විරෝධී කමිටුවට පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරිමේ බලය සහ විදෙස් ගමන් තහනම් කිරීමේ බලය පවතින බව කියැවෙයි.