පැරිස් නගරයේ ගමන් කරමින් තිබූ සෞදි කුමාරයෙකුට අයත් රථ පෙරහරකට ප්රහාරයක් එල්ල කළ ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඇ.ඩො.ලක්ෂ 3කට වඩා වැඩි මුදල් ප්රමාණයක් පැහැරගෙන ගොස් ඇති බව එරට පොලීසිය පවසයි.
එමෙන්ම, සෞදි කුමරාට අයත් ඉතා වැදගත් රහස්ය ලියකියවිලිද මෙම කණ්ඩායම විසින් සොරකම් කොට ඇති බවද හෙළි වී තිබේ.
ඊයේ (17දා) රාත්රී සෞදි තානාපති කාර්යාලයේ සිට උතුරු පැරීසියේ ගුවන් තොටුපලක් වෙත රථ පෙරහර ගමන් කරමින් මෙම ප්රහාරය එල්ල වී තිබේ.
ආයුද සන්නද්ධව වාහන දෙකකින් පැමිණ ඇති ප්රහාරකයන් 8 දෙනෙකු මෙම ප්රහාරයට සම්බන්ධ වී ඇති අතර, එහී මුදල් හා වටිනා ලියකියවිලි ඇති රථය රියදුරු සමග පැහැරගෙන ගොස් මුදල් හා ලියකියවිලි ලබාගැනීමෙන් පසු රථයට ගිනිතබා රියදුරු හා රථයේ සිටි තවත් පුද්ගලයන් දෙදෙනෙකු මහමග දමාගොස් ඇති බව පැවසෙයි.
කෙසේ වෙතත් මෙම ප්රහාරයෙන් ජීවිත හානි හෝ තුවාල සිදුව නොමැති අතර, මෙය සැලසුම් සහගතව සිදුකර ඇති මංකොල්ලයක් බව පොලීසිය විශ්වාස කරයි. මේ වනවිටත් පරීක්ෂණ අරඹා ඇති බවද පොලීසිය කියයි.