ලොව වටා සූර්යය බලශක්ති ගුවන් යානයක් ගුවන්ගත කරවීමේ යෙදී සිටින ස්විට්සර්ලන්තයේ සෝලා ඉම්පල්ස් කණ්ඩායම එම යානය මෙම වසරට ගුවන්ගත නොකරන බව පවසයි.
ජපානයේ සිට හවායි දක්වා පැසිෆික් සාගරය හරහා සිදුකළ එම යානයේ අවසන් ගමන් වාරයේදී එහි බැටරිවලට හානි සිදුව තිබීම මීට හේතුව බව පැවසෙයි.
ඒ අනුව, යානය දැනට ගොඩබස්වා ඇති හවායි ගුවන් තොටුපොළේ සිට එහි අලුත්වැඩියා කටයුතු සිදුකිරීමට නියමිත අතර, නැවත 2016 දී යානය සිය ලෝක සංචාරය අරඹනු ඇති බව සෝලා ඉම්පල්ස් කණ්ඩායම පවසයි.