සෝමාලියාවේ ක්රියාත්මක අල්කයිඩා සංවිධානයට සම්බන්ධ අල්-ෂබාබ් සංවිධානයට එරෙහිව සටන් වදින අප්රිකානු සංගමයට සම්බන්ධ හමුදාවන්ට පසුගිය මාස හයක කාලය සඳහා වේතන ගෙවා නොමැති බව කියයි.
ඒ අනුව, යුරෝපා සංගමයේ අරමුදල්වලින් අප්රිකානු සංගමයට අයත් රටවල 22,000ක පමණ හමුදාවක් එරට ක්රියාත්මක අල්-ෂබාබ් සටන්කාමීන්ට එරෙහිව සටනේ නිරතව සිටින බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, යුරෝපා සංගම් නිලධාරියෙකු පවසා ඇත්තේ ගිණුම් දෝෂයක් හේතුවෙන් මෙම වේතනයන් මෙතෙක් ගෙවීමේ ප්රමාදයක් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, මෙම හමුදාවන්ගේ සේවයේ නිරත පිරිස් මේ නිසා දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. මෙම හමුදා සාමාජිකයෙකු වෙනුවෙන් යුරෝපා සංගමය මසකට ඇ.ඩො.1,028 ක වේතනයක් ලබාදීමට නියමිතය.