තායිවානයට ප්‍රබල බලපෑමක් සිදුකරමින් හමා ගිය සොවුඩෙලෝර් චණ්ඩ මාරුතය මේ වනවිට ගිණිකොණදිග චීනයට ඇතුළු වී තිබේ.
ඒ අනුව, මේ වනවිට එම කලාපයේ දහස් සංඛ්‍යාත ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති අතර, තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට විදුලි බලය අහිමි වී තිබේ.
ඊයේ රාත්රියේදී චීනයේ ෆූජියාන් පළාතට චණ්ඩ මාරුතය කඩා වදින විට ප්‍රබල සුළං සමග දැඩි වර්ෂාපතනයක්ද ඇති වී තිබේ.
මුලින්ම තායිවානයට බලපෑම් කළ චණ්ඩ මාරුතයෙන් එරට තුළ ජීවිත හානි 5ක් සිදුකර තිබුණි.