සේව් ද චිල්ඩ්රන් රාජ්‍ය නොවන සංවිධානයේ පාකිස්තානු කාර්යාලය වසා දැමීමට පාකිස්තානය විසින් ගෙන තිබූ තීරණය යළි හකුලාගෙන තිබේ.
එරට ඉස්ලාමාබාද් නගරයේ වූ ප්‍රධාන කාර්යාලය පොලීසිය විසින් වසා දැමීමෙන් පසු, පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසින් එය යළි විවෘත කිරීමට කටයුතු කර තිබේ.
මේ ආකාරයෙන් එම ආයතනය යළි විවෘත කිරීම පිළිබඳ නිල හේතු දැක්වීමක් හෝ අදහසක්ද ඉදිරිපත් කර නැත.
රාජ්‍ය විරෝධී කටයුතුවලට සම්බන්ධ වන බවට මෙම රාජ්‍ය නොවන සංවිධානයට එරෙහිව මුලින් චෝදනා නඟමින් පොලීසිය යොදා එය වසා දැමීමටත්, එහි සේවය කරන විදේශීකයන්ට හැකි ඉක්මණින් රට හැර යන ලෙසටත් පවසා තිබුණි.