පාකිස්ථානයට එරෙහිව කටයුතු කළේ යැයි චෝදනා කරමින්, සේව් ද චිල්ඩ්රන් රාජ්‍ය නොවන සංවිධානයට රටින් පිටව යන ලෙස පාකිස්ථානය නියෝග කර තිබේ.
ඉස්තාම්බුල් නගරයේ වූ සේව් ද චිල්ඩ්රන් කාර්යාලය පොලීසිය විසින් මුද්‍රා තබා ඇති අතර, එහි සේවය කරන විදේශිකයන්ට දින 15ක් ඇතුළත රටින් පිටව යන ලෙස දන්වා තිබේ.
මේ අතර, සේව් ද චිල්ඩ්රන් සංවිධානය පවසන්නේ මෙම ඉල්ලීමට ඔවුන් දැඩිව විරෝධය දක්වන බවයි.
මීට පෙර මෙම සංවිධානය විසින් සිදුකළ ළදරු එන්නත් කිරීමේ වැඩසටහන් ඔසාමා බින් ලාඩන් සොයා සිදුකළ ඇමෙරිකානු බුද්ධි අංශ මෙහෙයුමක් බවද පාකිස්ථානය පවසා සිටියේය.