සෙල්ෆී ඡායාරූපයේ කර්තෘ හිමිකම වඳුරාට ඉල්ලයි
සෙල්ෆී ඡායාරූපයක් ලබාගෙන තිබූ වඳුරාට එම ඡායාරූපය වෙනුවෙන් කර්තෘ හිමිකම ලැබිය යුතු බවත්, එය වනජීවී කෘතියකට භාවිත කිරීමෙන් එම කර්තෘ හිමිකම කඩවී ඇති බවත් සඳහන් කරමින් සත්ව අයිතීන් වෙනුවෙන් කටයුතු කරන පීටා සංවිධානය අධිකරණය හමුවට ගොස් තිබේ.
ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ පිහිටි ටැංකොකෝ වනෝද්‍යානයේ ජීවත් වන නරූටෝ නමැති හය හැවිරිදි දුර්ලභ මැකාවු වඳුරා මීට වසර හතරකට පෙර මෙම සෙල්ෆී ඡායාරූප ගෙන තිබුණේ, බ්‍රිතාන්‍ය ජාතික ඡායාරූප ශිල්පියෙකු වූ ඩේවිඩ් ස්ලාටර් සිය කැමරාව වනාන්තරයේ දමාගොස් තිබියදීය.
ඡායාරූප ශිල්පියාගේ අනුදැනුමකින් තොරව වඳුරා විසින්ම ලබාගත් ඡායාරූප මෙසේ අලෙවියට තබා ඇති කෘතියකට භාවිත කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී තිබේ.
ඒ අනුව, අදාළ ඡායාරූපවල කර්තෘ හිමිකම නරූටෝ වඳුරාට හිමිවිය යුතු බව පීටා අවධාරණය කරයි.
	.jpg) 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                