සිම්බාබ්වේ දේශයේ වඩාත් ප්‍රකට සෙසිල් නැමති සිංහයා ඝාතනය කිරීමේ චෝදනා ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු එරට අධිකරණය ඉදිරියට යොමුකර තිබේ.
වෘත්තීය දඩයක්කරුවෙකු වන තියෝ බ්රොන්ක්හෝස්ට් හා ගොවිපොළ හිමිකරුවෙකු වූ ඔනෙස්ට් ඩොලෝවු මෙසේ චෝදනාවට ලක්ව සිටින්නේ නීත්‍යානුකූල අවසරයකින් තොරව දඩයම් කර ඇති බව පවසමිනි.
එහිදී, ඇමෙරිකානු දන්ත වෛද්‍යවරයෙකු වූ වෝල්ටර් පැල්මර් නැමැත්තා මෙම සත්වයාට වෙඩි තබා ඝාතනය සිදුකර තිබේ.
නමුත්, ඔහු පවසන්නේ තමන් දඩයම සඳහා දඩයක්කරුවන්ට මුදල් ලබාදුන් බවත්, එම සිංහයාගේ අනන්‍යතාව නොදැන සිටි බවත්ය. නමුත්, මෙම දඩයමට සම්බන්ධ වීම හේතුවෙන් ඔහුට එරෙහිවද චෝදනා ගොනුවෙමින් පවතින බව වාර්තා වෙයි.
කෙසේ වෙතත්, මෙම සිංහයාගේ ඝාතනය වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙසත්, අන්තරායට ලක්ව සිටින සතුන් ඝාතනය සඳහා බලපත්‍ර නිකුත් නොකරන ලෙසත් සිම්බාබ්වේ රජයට බළ කරමින් ලක්ෂ සංඛාත පිරිසක් මේ වනවිටත් අන්තර්ජාල පෙත්සමකට අත්සන් කරමින් සිටියි.