සෘජු ගුවන් ගමන් නැති දිල්ලි - ඉස්ලාමාබාද් 'කෙටි පිම්ම'
ඉන්දියාව හා පාකිස්ථානය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා වසර 70ක් සපිරුණද තවම ඉන්දියාවේ දිල්ලි අගනුවර සිට පාකිස්ථානයේ ඉස්ලාමාබාද් දක්වා සෘජු ගුවන් ගමන් සිදු නොවෙයි.
දිල්ලිය හා ඉස්ලාමාබාද් යන නගර අතර පවතින්නේ කිලෝමීටර් 700ක තරම් දුරකි. එය ලන්ඩනය හා ජිනීවා අතර ඇති දුරට වඩා සමීප දුරක් වන අතර, මෙය ගුවන් තරණයේදී කෙටි පිම්මක් ලෙස සැලකෙයි.
මෙම රාජ්‍යයන් ද්විත්වය අතර වසර 70ක් පුරා බිඳ වැටී ඇති අන්‍යොන්‍ය විශ්වාසය මෙන්ම, ඒ හරහා උද්ගත වී ඇති උණුසුම් වටපිටාව මේ ආකාරයෙන් දෙරට අතර සෘජු ගුවන් ගමන් නොපැවතීමට හේතුව බව නොරහසකි.
වර්ෂ 1947 අගෝස්තු 15 වැනිදා එදා බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉන්දියාව නිදහස ලැබූවද, මාස කිහිපයක් පුරා පැවති දේශපාලන ආරවුල් තත්ත්වයන් හේතුවෙන් ඉන්දියාව හා පාකිස්ථානය ලෙස රටවල් දෙකක් බෙදා වෙන්කිරීමට බ්‍රිතාන්‍ය කටයුතු කළේය.
ඒ අනුව, ඉන්දියාවේ විසූ සුළුතර මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පාකිස්ථානය බෙදාවෙන් කිරීමට එදා බ්‍රිතාන්‍ය කටයුතු කළ අතර, එතැන් සිට අද දක්වා පාකිස්ථානය බහුතර මුස්ලිම් රාජ්‍යයක් ලෙස පවතී.
කෙසේ වෙතත්, ඉන්දියාව තුළ වර්තමානයේදී හින්දූන් මෙන්ම මුස්ලිම්වරුන්ද ජීවත් වන අතර, එය බහුතර හින්දු රාජ්‍යයක් වුවද මුස්ලිම්වරුන්ටද ඉන්දියාව තුළ ජීවත්වීමේ නිදහස පවතී.
නමුත්, එදා බ්‍රිතාන්‍යයන් විසින් ඉන්දියාව දෙකඩ කරමින් ඔවුන් දෙගොල්ලන්ටම ලබාදී තිබුණේ නිදහසකට වඩා දෙරට අතර අන්‍යොන්‍ය අවිශ්වාසය හා උණුසුම ඇති කරන වටපිටාවක් බව බොහෝ දේශපාලන විචාරකයන්ගේ මතයයි.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

