සූවස් ඇළ ගැඹුරු කරමින්, ඊට සමාන්තරව කිලෝ මීටර් 35ක තවත් ඇළ මාර්ගයක් ලෙස සූවස් ඇළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය විවෘත කර තිබේ.
ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටාහ් අල්-සිසී විසින් මෙම අවස්ථාවට එක්වූ විදේශ නායකයන් පිළිගෙන තිබේ.
මෙම ඇළ මාර්ගයේ පවතින අධික තදබදය පාලනය කිරීම මෙසේ ඇළ මාර්ගය පුළුල් කිරීමේ හේතුව බව කියයි.
එමෙන්ම, ඇළ මාර්ගයෙන් ලැබෙන ආදායම් වැඩි වීම ඊජිප්තු ආර්ථිකයටද යහපත් ආකාරයකින් බලපානු ඇති බව රජය පවසා සිටියාත්, ඇතැම් විශ්ලේෂකයන් මෙම ව්‍යාපෘතියේ අඩුපාඩු පවතින බවද පවසා තිබේ.