සුරතලයට ඇති කළ ගිරවා නිසා ඝාතනයක් හෙළිවෙයි
නිවසේ සුරතලයට ඇති කරන ලද ගිරවෙකු නිසා තම ස්වාමියා මරා දැමූ කාන්තාවක නීතියේ රැහැනට කොටුවූ පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වෙයි.
49 හැවිරිදි ග්ලෙනා ඩුරාම් නමැති මෙම කාන්තාව මනුෂ්‍ය ඝාතන චෝදනාව යටතේ වරදකරු බවට පත්ව ඇත්තේ සිය ස්වාමියා වූ 46 හැවිරිදි මාටින් ඩුරාම් වෙඩි තබා මරා දැමූ බව පවසමිනි.
මෙම කාන්තාව ස්වාමියා වෙත පස් වතාවක් වෙඩි තබා ඇති අතර, පසුව තමා වෙතද වෙඩි තබා ගනිමින් සියදිවි හානි කරගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වී තිබේ.
කෙසේ වෙතත්, නඩු විභාගයේදී ඇය මෙය පාපොච්චාරණය නොකළත්, දින 10ක් පුරා සාක්ෂි විමර්ශනය සිදුව තිබේ. අවසානයේදී මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි සැපයීමේදී එම අවස්ථාවේදී නිවසේ ඇති දැඩිකළ සුරතල් ගිරවා ප්‍රබල සාක්ෂියක් බවට පත්ව ඇත.
එහිදී, මෙම පුද්ගලයා වෙත බිරිඳ තුවක්කුව එල්ල කරමින් බහින් බස්වීමක් ඇති වූ අවස්ථාවේදී තමාට වෙඩි නොතබන ලෙස ඔහු අසැභි වචනයක්ද පවසමින් සිදුකළ කෑ මොරදීම, ඒ ආකාරයෙන්ම මෙම ගිරවා පසුව වැමෑරීමට පටන් ගැනීමත් සමග මෙම මරණය සම්බන්ධයෙන් බිරිඳ වෙත චෝදනා ගොනුවී තිබේ.
.jpg)
.jpg)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
