www.ada.lk
2026 ජුලි මස 10 වන සිකුරාදා
ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ එකම දියණිය පසුගියදා සුපිරි පන්නයේ මංගල උත්සවයක් පවත්වමින් විවාහ දිවියට එක්ව තිබේ.
කාහියාන්ග් ආයු නමැති ඇය ජාවා දූපත් වැසියන්ගේ සම්ප්‍රදායන් අනුව යමින් සිදුකර ඇති අතර, රූපවාහිනිය තුළින් සජීව විකාශයක් ලෙස පෙන්වා ඇති මෙම සුවිශේෂී විවාහ උත්සවය දෙස රටම බලා සිට ඇති බවද කියැවෙයි.
එහිදී, විවාහය වෙනුවෙන් නිල වශයෙන් ආරාධනා පත් 8,000ක් පමණ යොමුකර ඇති අතර, ඒ අතර බොහෝ දේශපාලඥයන් මෙන්ම ජාත්‍යන්තර තලයේ සුපිරි ධන කුවේරයන්ද සිටි බව කියැවෙයි.
ඇය විවාහපත් වන මනාලයා දේපළ වෙළෙඳාම් ක්ෂේත්රයේ ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් බොබී අෆීෆ් වන අතර, ඔහු බාටාක් ජනවර්ගයෙන් පැවතෙන්නෙකු බව කියයි.
26 හැවිරිදි වියේ පසුවන කාහියාන්ග් විඩෝඩෝගේ දරුවන් තිදෙනාගෙන් කෙනෙකි. ඇයට වැඩිමහලු සහ ඇයට බාල සහෝදරයන් දෙදෙනෙකු සිටිති.
popular news
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
විනාඩි 14කින් ආජන්ටිනාව සුපිරි 8 දෙනාගේ වටයට
ඇෆ්ගනිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂාපූර් සාද්රාන් දිවි සැරිය නිමා කරයි
මහ මෝදර මාතෘ රෝහලේ පැරණි රෝහල් පද්ධතිය බන්ධනාගාරයක් කරයි
මරියසෙල් ගුණතිලක සමුගනියි
අවාරයේ සිරිපා වන්දනාව මාර්ග දෙකකින් පමණයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd