ඉන්දියනු සාගරයේ රීයූනියන් දූපතට ගොඩගසා තිබියදී හමුවූ ගුවන්යානා කොටස අතුරුදන් වූ MH370 යානයේ දැයි පරීක්ෂා කිරීමට එය ප්‍රංශය වෙත යවා තිබේ.
මැලේසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් පවසා ඇත්තේ අඩි 6ක් පමණ දිග යානා කොටස අතුරුදන් වූ බෝයිං 777 මාදිලියේ යානයකම කොටසක් බවට විශ්වාස කරන බවයි.
මැලේසියාවේ ක්වාලලම්පූර් නුවර සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී 2014 මාර්තු මාසයේදී මැලේසියානු ගුවන් සේවයට අයත් මෙම යානය අතුරුදන් වූයේ පුද්ගලයන් 239 දෙනෙකුද සමගිනි.
අතුරුදන් වූ MH370 යානය පිළිබඳ හෝඩුවාවන් සොයා ඔස්ට්‍රේලියාව ප්රමුඛ රාජ්‍යයන් රැසක් ඉන්දියානු සාගරයේ දක්ෂිණ කලාපයේ දැවැන්ත මෙහෙයුමක් සිදුකළද යානය හමු නොවීය.
නමුත්, මෙම යානා කොටස ගොඩගසා ඇත්තේ එම සෝදිසි මෙහෙයුම් කලාපයට කිලෝමීටර් 6,000ක් පමණ නැගෙනහිරින් වූ ප්‍රංශ කලාපයේ රීයූනියන් දූපටතය.