ඉරාකයේ නගර එකිනෙක අල්ලා ගන්නා අන්තවාදී සුන්නි මුස්ලිම්වරු විසින් අත්අඩංගුවට ගනු ලැබූ ෂියා මුස්ලිම්වරුන් සමූල ඝාතනය කරන ඡායාරූප පෙළක් ඔවුන් විසින්ම අන්තර්ජාලයට මුදාහැර තිබේ.
ඉරාක රජයේ හමුදා සාමාජිකයන් ලෙස සැලකිය හැකි මෙම පිරිස අගලක් වැනි ස්ථානයක වාඩි කරවා, පසුව ඔවුන් සැමට වෙඩි තබා ඝාතනය කරයි.
ඉරාක හමුදා ප්රකාශකවරයා පවසා සිටියේ සල්හුදීල් ප්රදේශයේදී මේ ක්රෑර ඝාතන සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් මේ ඡායාරූප තවමත් කිසිවෙකු විසින් නිල වශයෙන් සනාථ කර නොමැති බවද කියැවෙයි.
නමුත්, මෙම ඡායාරූප සැබෑ ඡායාරූප බව උතුරු ඉරාක බලධාරීන් පවසයි. 2003 ඇමෙරිකානු හමුදා ආක්රමණයෙන් පසු මේ ආකාරයෙන් වැඩිම පිරිසක් එකවර ඝාතනයට ලක්වූ අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බවත් ඔවුන් කියයි.
සුන්නි සටන්කාමීන්ට එරෙහිව ඉරාක රජයේ හමුදා සහ කුර්දිස් සටන්කරුවන් ප්රහාර එල්ල කරමින් නගර කිහිපයක බලය යළි තහවුරු කරගැනීමට සමත්වීමත් සමග ම්ලේච්ඡ සුන්නි අන්තවාදීන් මේ ආකාරයෙන් සැහැසි වී ඇති බව පැවසෙයි.