පළමු වැනි ෆ්රැන් පාස්කු දේව මෙහෙය අවස්ථාවේදී සිරියාවේ සිදුවන මනුෂ්‍ය සංහාරය නවතා දමන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.
එමෙන්ම, දකුණු සුඩානයේ සහ කොංගෝවේ පෑරුණු තුවාල සුවපත් කරන ලෙසත්, කොරියානු අර්ධද්වීපයේ සාකච්ඡා සඳහා දොරටු විවර වන ලෙසත් දෙවියන් වහන්සේගෙන් පාප් තුමන් ඇයද සිටි බවද විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, වර්තමාන ලෝකය විසින් කසල ලෙස ඉවත් කරමින් සිටින සංක්‍රමණිකයන්ට අවස්ථාවක් ලබාදෙන ලෙසද පාප් තුමන්ගේ ඉල්ලීම් අතර පැවතී ඇත.
බැසිලිකා දේවස්ථානයේ සඳලු තලයේ සිට පාප් තුමන් පැවැත්වූ ඒ දේව මෙහෙයට සවන්දීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් ශාන්ත පීටර්ස්බර්ග් චතුරස්රයට පැමිණ සිටි බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.