සිරියාවේ ක්රියාත්මක ඇරමෙරිකානු මෙහෙයුම් කඩිනමින් අවසන් වුවත්, එහි හමුදා ඉවත් කරගැනීමේ දිනයක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නොමැති බව ධවල මන්දිරය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පෙන්වා දෙන්නේ, මේ වනවිට IS ඉස්ලාම් රාජ්ය ත්රස්ත සංවිධානය මේ වනවිට සිරියාවේ සම්පූර්ණයෙන්ම පාහේ පරාජයට පත්කර ඇති බවයි.
කෙසේ වෙතත්, ඇමෙරිකාව විසින් සිරියාවේ සිටින සිය ඒකාබද්ධ හමුදා සමග එහි ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙනු ඇති බවද සඳහන් වෙයි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පසුගියදා පවසා සිටියේ සිරියාවේ රැඳී සිටින ඇමෙරිකානු හමුදා හැකි ඉක්මනින් ඉන් ඉවත්වන බවයි.