සිරියාවේ සිදුකෙරෙන මෙහෙයුම් සඳහා යොදාගැනෙන රුසියානු ගුවන් හමුදාවේ Su-25 ප්‍රහාරක යානා 4ක් ලටාඛියා නගරයට ගිනිකොණ දෙසින් පිහිටි ඛෙමෙයිමිම් ගුවන් හමුදා කඳවුර වෙත යොමුකර තිබේ.
සිරියාවේ සිදුවන මෙහෙයුම්වලට යොදාගැනෙන ප්‍රහාරක යානා පිළිවෙළින් මාරු කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාවට නංවා ඇති බවත්, තමන් සිරියානු මෙහෙයුම් සඳහා වැඩි හමුදා බලඇණියක් යෙදවීමක් සම්බන්ධයෙන් ඇමෙරිකානු මාධ්‍ය ගෙනයන ප්‍රචාරය අසත්‍යයක් බවත් එරට ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ඉගෝර් කොනාෂෙන්කොව් පවසයි.
මේ අතර, ඛෙමෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ තිබූ රුසියාවට අයත් Sukhoi-24 වර්ගයේ බෝම්බ හෙළන යානාවල පළමු බල ඇණියද මේ වනවිට යළි රුසියාව වෙත පැමිණ ඇති බව මේජර් ජෙනරාල්වරයා වැඩිදුරටත් පවසයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ රුසියාවේ ප්‍රහාරවල යෙදෙන තවත් යානා රැසක් හැකි ඉක්මණින් රුසියාව වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.
.jpg)