සිරියාවේ ඇතිවී තිබෙන ගැටුම්කාරී වාතාවරණය විසඳීමේදී පවතින දුරස්ථභාවය දුරලීම සඳහා වූ සාකච්ඡා වෙනුවෙන් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියාවේ මොස්කව් නුවරට ගොස් සිටී.
රුසියාව නියෝජනය කරමින් සර්ජි ලැව්රෝව් සමග කෙරී මෙහිදී සාකච්ඡා පවත්වමින් පොදු භූමිකාවක් සැකසීමට සූදානමින් සිටියි.
පසුව ඔහු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එහිදී එළැඹෙන ජනවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති සාම සාකච්ඡාවලදී කවුරුන් විරුද්ධ පක්ෂය නියෝජනය කරන්නේද යන්න සාකච්ඡාවට බඳුන්වනු ඇත.
එමෙන්ම, යම් බල හුවමරුවකදී සිරියානු ජනාධිපති බෂර් අල් අසාද්ගේ භූමිකාව කවරාකාර විය යුතුද යන්න පිළිබඳවද මෙම ප්‍රබල රාජ්‍යයන් අතර සාකච්ඡා වීමට නියමිතය.
මෙහිදී, අසාද් බලයෙන් පහ කළ යුතුය යන මතයේ ඇමෙරිකාව සිටියත්, රුසියාව පවසන්නේ එම තීරණය ගැනීමේ අයිතිය සිරියානු ජනතාවට ලබාදිය යුතු බවයි.