සිරියාව තුළ දේශපාලන ස්ථාවරත්වයක් අපේක්ෂා කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටීන් පවසයි.
සිරියානු ජනපති බෂර් අල්-අසාද් සිරියාවේ හදිසියේ සිදුකළ සංචාරයකදී රුසියානු නායකයා මෙම කරුණු අනාවරණය කර තිබේ.
ක්රෙම්ලිනය අනාවරණය කළේ සිරියාවේ නොනවතින සිවිල් අර්බුදය වෙත විසඳුම් සෙවීම සම්බන්ධයෙන් මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී රුසියානු ජනාධිපතිවරයා කරුණු ඉස්මතු කළ බවයි.
මෙම නායක දෙපළ අවසන් වරට හමුවූයේ වර්ෂ 2015දීය. ඒ සිරියානු අර්බුදය විසඳීම සඳහා රුසියාවේ මැදිහත්වීම් සිදුවීමත් සමගිනි.
මෙම හදිසි හමුවීම රුසියාවේ කළු මුහුද සමීපයේ පිහිටි සෝචි හිදී පැවති බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.