සිරියානු ජනතාවගෙන් අඩකට හදිසි මානුෂීය ආධාර අවශ්‍යව ඇති බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මුන් මහතා පවසයි.
මේ වනවිට වඩාත් නරක අතට හැරී ඇති මානුෂීය අර්බුදය සඳහා ආධාර එකතු කිරීම වෙනුවෙන් කුවේට් හිදී සංවිධානය කළ ආධාර සමුළුවකට සහභාගි වෙමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇ.ඩො.බිලියන 6.5 ක ආධාර සිරියාවේ මානුෂීය ආධාර වශයෙන් ඉල්ලා සිටින අතර, එය එදාමෙදා තුර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එක් අර්බුදයක් වෙනුවෙන් ඉල්ලා සිටින විශාලතම ඉල්ලීම බවද පැවසෙයි.