සිම්බාබ්වේ නව ජනපති ලෙස දිවුරුම් දෙමින් එමර්සන් මනන්ගග්වා පවසා සිටියේ ලෝකය සමග සිය රටේ දොරගුළු විවෘත කිරීමට පියවර ගන්නා බවයි.
අභිනව ජනපති ලෙස සිය ප්රථම කතාව සිදුකරමින් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ විදේශ ආයෝජන රට තුළට ගෙන එමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට තමන් කටයුතු කරන බවයි.
මේ අතර, සිම්බාබ්වේ හිටපු ජනපති රොබට් මුගාබේ පෞද්ගලිකවම තමාගේ පියා, උපදේශකයා, හමුදා ප්රධානියා මෙන්ම තම නායකයා ලෙස සලකන බවත්, ඔහු ජාතියේ පියා ලෙස ඔසවා තැබීමට තමන් කටයුතු කරන බවත් හෙතෙම පවසා සිටියේය.
සිම්බාබ්වේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු එමර්සන් මෙම මස මුලදී ධුරයෙන් පහ කිරීමට රොබට් මුගාබේ කටයුතු කළේ සිය බිරිඳ වූ ග්රේස් මුගාබේ බලයට ගෙනඒමේ සැලසුමට අනුවය.
ඒ අනුව, දකුණු අප්රිකාවට පළා යෑමට එමර්සන් කටයුතු කළ අතර, පසුව එරට හමුදා මැදිහත් වීමෙන් මුගාබේ පාලනය පෙරළා දැමීය.
සිම්බාබ්වේ පාලක පක්ෂය වූ සානු පී.එෆ් පක්ෂය මුගාබේට එරෙහිව විශ්වාසභාංගයක් ගෙන ඒමට කටයුතු කළේ මේ අතරවාරයේදීය. එමෙන්ම, ඔහුට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනතා නැගිටීම්ද රට පුරා වාර්තා විය.
මේ තත්ත්වය තුළ රොබට් මුගාබේ පසුගියදා සිය ජනපති ධුරයට සමුදුන් අතර, ඒ සමගම රටින් පළාගොස් සිටි එමර්සන් යළි දිවයිනට පැමිණ මේ ආකාරයෙන් සිම්බාබ්වේ සිහසුන භාරගනු ලැබීය.
කෙසේ වෙතත්, එමර්සන් දිවුරුම්දෙන අවස්ථාවට මුගාබේ පැමිණි නොසිටි අතර, ඔහු අසනීප තත්ත්වයෙන් පසුවූ බවද විදෙස් වාර්තා පැවසීය.