සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ එරට පාලක පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට අද රැස්වූ එම පක්ෂ කමිටුව තීරණය කර තිබේ.
සානු පී.එෆ් පක්ෂය ඒ වෙනුවට මීට දෙසතියකට පෙර මුගාබේ විසින් බලයෙන් පහ කෙරුණු උප ජනාධිපති එමර්සන් මනන්ගාග්වා පක්ෂ නායකත්වයට පත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
උප ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කරමින් සිය බිරිඳ වන ග්රේස් මුගාබේ බලයට ගෙනඒම සඳහා රොබට් මුගාබේ කටයුතු කිරීම හරහා මෙම බල පෙරළියට පාර කැපුණි.
ඒ අනුව, සිම්බාබ්වේ හමුදාව එරට පාලන බලය සියතට ගනිමින් 93 හැවිරිදි වියේ පසුවන මුගාබේ නිවාස අඩස්සියට පත්කරනු ලැබීය.
මේ අතර, ඊයේ දිනයේදී දස දහස් ගණන් සිම්බාබ්වේ වැසියන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බල කෙරෙන උද්ඝෝෂණ පැවැත්විණි.