(UPDATE) සිම්බාබ්වේ පාලනය හමුදාව යටතට පත්කරගෙන ඇත. හමුදාව පවසන්නේ 1980 වසරේ පටන් සිම්බාබ්වේ ජනපති වශයෙන් කටයුතු කළ රොබට් මුගාබේ ආරක්ෂා සහිත බවයි.
සිම්බාබ්වේ මුහුණ පා ඇති ආර්ථික හා සාමාජීය ගැටලු හමුවේ හමුදාව රටේ පාලනය සියතට ගත් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසා ඇත. රොබට් මුගාබේ ආරක්ෂා සහිත බව හමුදාව ප්‍රකාශ කළත් ඔහු රඳවා ඇති ස්ථානයක් පිළිබඳව ඔවුන් පවසා නොමැත.
සිම්බාබ්වේ රාජ්‍යය තුළ ඇතිවී තිබෙන දේශපාල ව්යවුල් තත්ත්වය උග්‍ර වෙමින් එරට රජයේ රූපවාහිනියේ පාලනය හමුදාව යටතට ගෙන තිබේ.
ඒ අනුව, හරාරේ අගනුවර පිපිරීම් කිහිපයක දෝංකාරයද නැගුණු අතර, ඊට හේතු නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එහි සිටින විදෙස් මාධ්‍යවේදීහු පවසති.
කෙසේ වෙතත්, අගනුවර යුද ටැංකු සහ හමුදාව තැනින් තැන ස්ථානගත කිරීමක් දැකිය හැකි අතර, හමුදා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව බැලූ බැල්මට පෙනෙන බවද ඔවුහු පවසති.
දකුණු අප්‍රිකාවේ සිටින සිම්බාබ්වේ තානාපතිවරයා මීට පෙර පවසා තිබුණේ රටේ හමුදා කුමන්ත්‍රණයක් සිදු නොවන බවකි.
රට තුළ උද්ගතව ඇති දේශපාලන ව්යවුල් තත්ත්වයෙන් රට බේරාගැනීමට හමුදා මැදිහත්වීමක් සිදුවනු ඇති බවට එරට හමුදා ප්‍රධානියා අනතුරු ඇඟවීමෙන් පසුව ඔහු රාජද්‍රෝහියෙකු ලෙස පාලක පක්ෂය හැඳින්වීමත් සමග තත්ත්වය උග්‍ර අතට හැරී තිබුණි.
සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ විසින් එරට උප ජනාධිපතිවරයා ධුරයෙන් පහ කිරීමේ සිදුවීමත් සමග ජෙනරාල් කොන්ස්ටන්ටීනෝ චිවෙන්ගා ජනාධිපතිවරයාට අභියෝග කරමින් මාධ්‍ය හමුවක් පැවැත්වූයේ පසුගිය සති අන්තයේදීය.
ජනාධිපතිවරයා සිය බිරිඳට උප ජනාධිපති ධුරය පිරනැමීමේ සැලසුමක සිටීම තුළ මෙම දේශපාලන ව්යවුල ඇතිවී තිබුණි.
කෙසේ වෙතත්, හරාරේ අගනුවර ස්ථාන රැසක ස්ථානගතව ඇති හමුදාවන්ගේ ඉදිරි ක්‍රියාමාර්ගය කුමක් වනු ඇතිද යන්න පැහැදිලි නොමැති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.