සිංගප්පූරුව නිදහස් රාජ්‍යයක් බවට පත්වීමේ 50 වැනි සැමරුම සඳහා සුවිශේෂී සූදානමක පවතින බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, මෙම ඓතිහාසික නිදහස් දින සැමරුම වෙනුවෙන් දහස් සංඛ්‍යාත සිංගප්පූරු වැසියන් එළිමහන් පෙළපාලියකට සැරසෙන බවද වාර්තා වෙයි.
මීට වසර 50කට පෙර බ්‍රිතාන්‍ය කොලොනියක්ව පැවති සිංගප්පූරුව මේ වනවිට ලොව ආර්ථික අතින් බලසම්පන්නම රාජ්‍යයක් බවට පරිවර්තනය වී ඇත.
සිංගප්පූරුවේ මෙම වේගවත් දියුණුවට රට තුළ නිදහස් අදහස් දැරීමට හා දේශපාලනයට පැවති වාරණයන් හේතුවක් බව බටහිර ගැති බොහෝ මාධ්‍යයන්ගේ අදහස වී තිබේ.