සිංගප්පූරුවේ කෝලාහල කරන ඉන්දියානුවෝ
සිංගප්පූරුවේ පවතින සුන්දර, සාමකාමී වටපිටාව විනාශ කරමින් එය යුද පිටියක් බවට පත් කළ ඉන්දියානුවන් පිරිසක් පිළිබඳව තොරතුරු පසුගියදා වාර්තා විය. එරට සේවයේ යෙදෙමින් සිටි ඉන්දියානු ජාතිකයෙකු බස් රථයක හැපී මිය යෑමත් සමගම කුපිත වූ 400කට අධික මෙම ඉන්දියානුවන් පිරිස මහා මාර්ග අවහිර කර වාහන ගිනි තබමින් ඉතා කලහකාරී අන්දමින් හැසිරීම මේ තත්ත්වය සඳහා හේතුවූ බව පැවසේ.
මොවුන් සියලු දෙනාම එරට 'ලිට්ල් ඉන්දියා' ලෙසින් හැඳින්වෙන සංක්රමණික ඉන්දියානුවන් වාසය කරන ප්රදේශයේ පදිංචිකරුවන් බව පැවසේ. ඔවුන් පාලනය කිරීම සඳහා පැමිණි පොලිස් නිලධාරීන් සහ ඔවුන්ගේ වාහන වෙතද මෙම පිරිස ප්රහාර එල්ල කර තිබේ. මේ අතරම පිපිරුම් ශබ්දද ඇසුනු බව පොලිසිය පවසයි. ගැටුම් හේතුවෙන් මේ දක්වා පොලිස් නිලධාරීන් 10 දෙනෙකු තුවාල ලබා ඇත. මෙය ගෙවුනු වසර 40ක කාලය තුළදී සිංගප්පූරුව තුළ ඇතිවුණු දරුණුතම කෝලාහාල තත්ත්වය ලෙසද වාර්තා සඳහන් කරයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
