තම ජීවිතය පරදුවට තබමින් ගින්නට හසුවී සිටි මිනිසුන් බේරාගත් ඉන්දීය ජාතික ස්වෙච්ඡා ගිනි නිවන භටයකු වන බිපින් ගනාත්රා ඉන්දියානු පුරවැසියෙකුට හිමිවන ඉහළම සිව්වැනි සම්මානය වන පද්ම ශ්රී සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
කොල්කටාවේ ජීවත්වන ගනාත්රා පවසා ඇත්තේ මෙම සම්මානයෙන් තවදුරටත් පන්නරය ලබමින් තවත් ජීවිත බේරාගැනීම තම එකම අරමුණ බවයි.
දශක හතරක සේවා කාලය තුළ ගනාත්රා ගිනි ගැනීමේ සිදුවීම් 100කට වඩා වැඩි ප්රමාණයකට මුහුණ දී ඇති අතර, ඒ සෑම අවස්ථාවකදීම ඔහු අතින් බේරුණු මිනිස් ජීවිත මෙතෙකැයි කියා කිව නොහැකි බව සඳහන් වෙයි.
60වැනි වියෙහි පසුවන ගනාත්රා බී.බී.සී. රූපවාහිනියේ ප්රශංසා නොලැබූ ඉන්දියානුවන් යන වැඩසටහනට පෙනී සිටියේ මෙම සම්මානයෙන් පිදුම් ලැබීමට පෙරය.
එය සෙසු මිනිසුන්ගේ ජීවිත යහපත් කිරීම සඳහා උරදෙන මිනිසුන් වෙනුවෙන් ප්රචාරය කළ වැඩසටහනක් බව කියැවෙයි.