ස්ව ශක්තියෙන්ම නැගී සිටි ගෝලීය ව්‍යවසායිකාවන් අතර පෙරමුණ ගැනීමට යළිත් වරත් චීන ව්‍යවසායිකාවන් සමත්ව සිටී.
ඒ අනුව, දැනට ලෝකයේ මෙවැනි ව්‍යවසායිකාවන්ගේ මුල් දසදෙනා අතරින් ඉදිරියෙන්ම සිටින සිව්දෙනා ආසියානු සුපිරි බලවතුන්ගේ නිර්මාණයක් බව කියැවේ.
එහිදී, දැනට ප්‍රමුඛස්ථානය ගෙන ඇති සුපිරි බලවත් චරිතය ලැප්ටොප් සහ ස්මාට්ෆෝන් ආවරණ නිෂ්පාදනයේ යෙදෙන සෝව් ක්යුන්ෆෙයි ලෙස හඳුනාගෙන ඇති අතර, ඇගේ වත්කම් ඇ.ඩො.බිලියන 9.8ක් බව කියයි.
එමෙන්ම, ලෙන්ස් ටෙක්නොලජීස් නැමති ඇගේ සමාගම ලොව ප්‍රමුඛතම තාක්ෂණික සමාගම් වන ඇපල් හා සැම්සුන්ග් යන සමාගම් සමග හවුල්කාරීත්වයන් ඇති කරගෙන ඇත.
ග්‍රාමීය, දුගී පවුලකින් පැවත ආ ඇය ෆෝබ්ස් සඟරාවේ ප්රකෝටිපතියන් ලැයිස්තුවටද ඇතුළව සිටියි.